Monday, March 8, 2010

යථාර්තය

පාට පාට හීන දකින
පුංචි පුංචි පැතුම් පතන
අමුතු අමුතු ලෝක හදන
මගේ ලොවේ මං තනිවුන

සේද සුනිදු මල් ඇතිරිනු
පාට පබලු වැල් එක්වුනු
හීන හීන පොදි ගැන්වුනු
වලා යහනෙ මං තනිවුනු

එපා එපා යලි යහනට
සුසුම් ලමින් නුඔ එන්නට
මගෙ යහනේ මගෙ තනියට
පුංචි හීන වැල් ඇත මට

නරක නපුරු පෙම් කරන්න
බොරුවට මට හිනා වෙන්න
නුපුරුදු ආදරේ කරන්න
එපා මගේ හිත කඩන්න

ආසයි මම හිනා වෙන්න
ආයෙත් මට පෙම් කරන්න
ජීවිතේම ලගින් ඉන්න
කවුරුද ඉන්නේ කියන්න

7 comments:

  1. @ last. now its ok. Thanx Upul

    ReplyDelete
  2. කදුළු අහුරු විසි කරන්න
    නුහුරු ආදරේ පුරන්න
    අනාගතේ හීන දකින
    හිතක් අරන් මෙහෙට එන්න

    ආසයි නම් හිනා වෙන්න
    හදවත දොර හැර තියන්න
    සෙනෙහස් දිය දෝත රැගෙන
    මම එන්නම් බලා ඉන්න

    ReplyDelete
  3. :D .. hik hik..

    ආසයි දුක විසි නරන්න
    කදුලු බිංදු නැතිකරන්න
    හීන ගොඩක් බදාගන්න
    නු‍ෙඕ ලගට ඇවිත් ඉන්න

    නුඔ එනකම් බලන් ඉදිමි
    හදවතේ දෙර ඇරන් ඉදිමි
    ආවෝතින් යන්න නොදෙමි
    මැරෙනතුරා නු‍ෙඕම වෙමි

    ලිපියට පිළිතුරු එවන්න
    සිහිනැහැ මට බලන් ඉන්න
    මුහුනු පොතට ඔබ එබෙන්න
    පිලිතුර මට කියා දෙන්න

    ReplyDelete
  4. ඇයි හදිස්සි බලා ඉන්න
    ඉක්මන් කොට බව සිතන්න
    ලැබෙනා සෙනෙහස විදින්න
    උන්නෝතින් ලැබෙයි ඔන්න


    :D

    ReplyDelete
  5. දුටුවෙමි සිතුවිලි සැදැල්ල
    නැත මට වෙනසක් කියන්න
    ඉක්මන්කමෙ රහස මෙන්න
    ඉක්මන් නොවුනුත් වෙයි පසුතැවිල්ල

    :D :D

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...