උදේ මහ පාන්දර 10ට විතර දුරකථනය නාද වෙද්දි මං මං බැලුව මේ මොකාද කියලා..තාම බිං කරුවල ගිහිනුත් නෑ.අනේ දෙයියනේ මිනිහෙකුට නැගිටින්න පුලුවන් වෙලාවක්ද ඒක.. බැලින්නං මේ හෙට බඳින මනමාලය කියහන්කෝ..
ඇයි මචං..
වරෙන්කෝ අපේ ගෙදරට....
මොනව උනත් ඌගෙ අන්තිම දවස් ටිකනේ..මගේ හිතත් උණු වෙලා වැක්කෙරෙනවා.හිමිදිරි පාන්දර හින්දා කුකුල කෑගහන්නැත්තේ මොකද බැලුවම උන්ටත් රෑ නින්ද ගිහින් නෑ..උනුත් මේ වෙලාවේ කෑම හොයන්න ගිහින්ලු..උන්ටත් පිස්සුද මන්දා මේ උදේ පාන්දර කෑම හොයන්න යන්න..
මොනව උනත් එහෙ ගිහින් ආපහු එන්න කියලයැ..මාත් ඉතින් ගියා මගුලට ලෑස්ති වෙන්න..කොන්ඩෙ කපන්න ගිහින් ඉදගෙන ඉද්දි.. ආවා බාබර් බුවා....
මහත්තය මොකද වෙන්න ඕනි..
කොන්ඩෙ කපන්න කියලා..වෙඩිමක් තියනවා නියමට තියෙන් ඕනි හරිද?? කලින්ම කියල තියන්න ඕනි නිසා ඕං ඒකත් කියලම මං ඉදගත්ත කියමුකෝ..
දැන් මූ කොන්ඩේ කපනවා..සිංදුවකුත් යනවා.මට නින්දත් යනවා..පාන්දර 11 ට විතර ඇති ඒ වෙලාව. ඇහැරල බැලුමට මට පේනවා මූ මගේ කොන්ඩෙට කෙළල කියලා..කුකුල් කරමලය වගේ.මෙලෝ රහක් නෑ..කොන්ඩේ මූ කෑවනන් ඊට හොදයි.මං ඉතින් මැරෙන්නද..හප්පා ඌගෙ මූණෙ හිනාව..
දැන් හරි නේද... (ඇයි මූ වැරදි නන් කොන්ඩේ හිටවන්නද)
මේ ඔය ඉතුරු කරපු ටිකත් කපනවා.. වෙන කියන්න දෙයක් නැති නිසා මං ආයෙත් ඇස් දෙක පියං හිටියා.
ඊට පස්සේ ගම්පහට යන්න හිතාගෙන ගියා ඉස්ටේෂමට..නැග්ගා කෝච්චියක..මල මගුලයි..ඒකේ ඩ්‍රැයිවර් මාමාට කණ්නාඩි දෙක ගේන්න අමතක වෙලාලු.ඒක පස් කන්ඩියක් දැක්කත් නවත්තනවා ඉස්ටේෂමක් කියලා..
ඒ කෙලියත් කරලා දිව්වයි කියමුකෝ ගම්පහට..ඒකත් හරි..දෙන්නත් එක්ක ගියා නුවර..කිසි කථාවක් නෑ..අරූ නිකං මල ගෙදරක යනවා වගේ මං තනියෙන් ඔහේ කියවනවා..
දැන් කොහෙටද බං යන්නේ..
නැටුම් පුරුදු වෙන්න යනවා බං..
හුටා..මූ දෙකක් දා ගත්තම කොහොමත් නටන එකා..දැන් පුරුදු වෙන්නත් ඕනිලු..හයියෝ..මටත් මෙව්ව බලන්න උනානේ..මාත් ඉතින් ඔන්න ඉද ගත්තා පුටුවක..දැන් දෙන්නා හුරේ එකට නටනවා..
එකපාරට ගුරුතුමී අක්කා හැරුනා මෙහෙ එන්න ඔයා..අපි නටල පෙන්නපු මේ දෙන්නට..
හත්දෙයියනේ මං ජීවිතේට නටපු එකෙක්යැ..ලැජ්ජාව උතුරලයනවා..විලිබිය එහෙන්..තව මොනවද මන්දා ඔක්කොම එකපාර වැක්කෙරෙන්න ගත්තා..මැරෙන්නයැ ඉතින්..ඔන්න නට නට ඉද්දි හෙට මනමාලය කෑගහන්න ගත්තා..
මචං..
ඇයි..
මට හෙට අඳින්න ඇදුමක් නෑ.
ඇයි හෙට මොකක්ද තියෙන්නේ
යකෝ මං බඳනවා..මට අඳින්න කොට් එකක් නෑ.....
හුටා..
ඇයි නිළමේ..
ඒ උදේට..දැන් යමු ගිහින් එකක් ගේමු බං...
මොන නැටිලිද ගියා කෝට් බෑයක් හොයන්න...ඒකත් හෙව්වයි කියමුකෝ..ආයෙත් මුන් දෙන්න නටපි..මගේ කකුල අර ගුරුතුමිය පාගලම මට එපා වෙලා..ආයෙත් පෑගුවොත් කියලා දෙන්න ඇඩ්රැස් එක කලින්ම ලියල තියා ගත්තා..නැත්තං ඒකත් මල මගුලයිනේ.
යන්තං රෑ එකට විතර ඔය කෙළි කරල ගියා නිදා ගන්න කියලා..කොහෙද
මචං..
ඇයි බං...
හෙට කෙල්ලව අන්දන තැනට ගිහින් දාලා උඹ ඒකිත් එක්කම හොටෙලේට වරෙන්..
හා..කීයටද බං..
2.30ට පළයන්..
හා..
යන්තං පැයක් විතර නිදා ගන්න ඇස් දෙක පියා ගත්ත විතරයි..ඇහෙනවා හීන් කෙඳිරියක්..මං බැලුව මේ මොකාද කියලා..බැලින්නං මනමාලයා..
ඇයි බං
මං හෙට බඳිනවා නේ බං
ඔවු බං..ඉතින්..
හෙටින් පස්සේ බොන්න බැරි වෙයි නේ බං..
මං දන්නෑ බං..මං බැඳල නෑනේ..
අනේ චුට්ටක් බොන්න දීපංකෝ..
හුටා..කඳුලුකැට සට සට ගාලා වැටෙනවා..බිම තෙමිල වතුර එකයි..මගේ හිත උණූ වෙලා ගිහින් කඳලු වතුරේ දිය වෙලා යනවා..බලන් ඉන්න බෑ අප්පා..මං දුවල ගිහින් ගෙනාවා මගුලට අරන් තියපු බෝතලයක්..
හප්පා උගේ මූණේ තිබ්බ සතුට..සෝමාලියාවට කෑම අරන් දුන්නා වගේ..එක හුස්මට කෙලියා.මටත් පුලුවනැ මෙව්වා බලං ඉන්න..හප්පා...
ඒ සංග්‍රහයත් ඉවර වෙලා වෙලාව බලපි..කෙළියා..මහ රෑ 2යි..දැන් පලකෝ කෙල්ලව මනමාලි කරන්න..
ඔන්න ඒ කෙල්ලවත් අරන් මනමාලි කරන්න දීලා..එන්න හදද්දි කියපිය තම මල් කුමාරියෝ දෙන්නෙකුත් ගෙනෙන් කියලා..ඕං ඒකත් අරන් ගිහින් දීලා....මං ආවා සුට්ටක් දොයිය පාරක් දාන්න..
ගියා ආයෙත් හෝටලයට.එතන එක විකාරයයි..මනමාලය පොළවෙ පස් කනවා.වැලි මූනේ හැම තැනම..නිළමේ ඔටුන්න ලග තිබ්බ පේර ගහ උඩ. ඌ පැනල මනමාලිට ගහන්න යනවා.වටේ උන් මනමාලයම අල්ලගෙන..හරියට නාට්‍යයක් වගේ..මං ගියා වීරය වගේ..හුටා..මූ ඇද්ද නැද්ද නිළමෙගේ පිහිය මට අනින්න.. ඒක ඇද්ද ගමන් යාර 36ම බිම..ඌ දැන් යට සාය පිටින්..මං නැග්ගා තාප්පේ උඩට..
හති අරින ගමන් අහපි
මොකෝ සීන් එක..
මනමාලි මාරු කරලලු..මේ ඉන්නේ මුගෙ කෙල්ල නෙමේලු..
මල හත්තිලව්වයි එහෙම වෙන්නේ කොහොමද.මංනේ එක්කං ගියේ..එහෙන් මනමාලය දඟලනවා වැඩී කියලා ඌව යට සාය පිටින් ගස් බැඳලා...වැලහින්නක් වගේ ඌ අඩනවා..
මං ගියා මනමාලි ලගට..
මොකෝ සීන් එක..ඔයා මාරු උනාද..
නෑ නෑ..මං එයා තමයි..
වොයිස් එක නන් හරි..ඒත් හමේ පාට තමයි අවුල..අර පොට්ට පාට කෙල්ල රානි මුඛර්ජී වගේ..මටත් ෂුවර් නෑ..ඕනි ගිනිගෙඩියක් වෙන්න මනමාලිගේ අම්ම ලගට ගියා..
මේන් වැඩක්..එයත් අඩනවා හොටු පෙරාගෙන..
ඇයි ඇන්ටි..මේ ඔයාගෙ දුව නෙමේද..
නෑ නෑ වෙන්න බෑ..අවුරුදු 25ක් තිස්සේ හදපු දුව මෙයා නෙමේ..එයාගේ පාට වෙනස්..මගේ දුවට කවුරු ගරි ගුරුකමක් කරල කියලා ඇන්ටි කියපි..
දැන් මොකද කරන්නේ..මටත් දැන් ෂුවර් නෑ..ගියා වේටර් මල්ලි කෙනෙක් ලගට..එයාලා වට්ටක්කා ගෙඩියේ කැටයම් කපන පිහියක් ඉල්ල ගත්තා.. ගියා මනමාලි ලගට.. කැපුවා කම්මුලේ හතරැස් කොටුවක්..සෙන්ටි මීටර් 12ක් විතර ගැඹුරට යනකං හෑරුවා..හප්පා.....දැනුන සතුට..යන්තං පවුඩර් තට්ටුව ඉවර උනා.. ඈතින් පේනවා හරි පාට..පුදුම සතුටුයි..බැලුවා මනමාලය දිහා..ඌ තාමත් ගහේ බැඳලා..
හප්පේ ටෝච් එකක් ගහල අර කම්මුලේ හදපු වල ඇතුලෙන් පාට පෙන්නලා යන්තං ඌව ෂේප් කරගත්තා.දැන් ඉතින් වහපන්කෝ අර වල..මොකෝ මං ගාව පවුඩර් තියනව කියලයැ..ගියා කෑම මේසේ ලගට..ගත්තා තම්බපු බිත්තර කහ මදයක්..ඇනුවා බටර් එක්ක..හදපු තලපේ ගෑවා මුණේ වල වැහෙන්න..කොහොමද ටිකිරි මොලේ.. හරි ඒ මගුලත් හරි..මැස්සෝ වහන ගත්ත එක තමයි අවුල.මොනව කරන්නද මල් පොකුරෙ තිබ්බ සුදු රෝස මලක් ගැහැවා ඒ වහපු වලේ..දැන් නිකං මල් නැන්දා වගේ..මනමාලි එක විකාරයයි.මල් හතර අතේ..අරූත් ආයෙත් යාර 36 ඇදගෙන ආපි.මට බෑ තවත් මෙව්ව බලං ඉන්න..
ඈත කොනක තිබ්බ පුටුවක් උඩ ඉදගෙහ හිස් වෙච්ච වීදුරුවකට මොනවද දාගෙන ඉවර කරන්න හදද්දී මට ඈතින් ඇහුනා කෙල්ලෝ දෙන්නෙක් කථා වෙනවා
බලපංකෝ මනමාලි දිහා..අලුත් පැටර්න් එකක් නේද..මාත් මගේ වෙඩින් එකට මෙහෙම අඳිනවා..
හලේ.මං කොහොමද මෙව්ව අහගෙන සිහියෙන් ඉන්නේ...එක හුස්මට හිස් කරා මුලු වීදුරුවම.